තමාව යකෙකු ලෙස නොදකින ලෙසත්, තමාද සමෘද්ධි නිලධාරීන් යකුන් ලෙස නොදකින බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
සිය අමාත්‍ය ධුරයෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට අද (04දා) එම අමාත්යකාර්යාලයේදී එක්වෙමින් ඔහු මේ බව කීය.
“සමෘද්ධි නිලධාරීන් මාව යකෙක් විදිහට දකින්න එපා. මමත් ඒ අය යක්කු හැටියට ගණන් ගන්න ලෑස්ති නැහැ. අපි දේශපාලන භේදයකින් තොරව වැඩ කරමු. අපි රජයේ නිලධාරීන් ආණ්ඩුවේ ඇමතිවරුන් හැටියට රටේ ජනතාව ශක්තිමත් කරන්න මගේ උපරිම ශක්තිය යොදා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”