තමන්ව නිදහස් පක්ෂයෙන් එලවා දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ කළත් එය පහසුවෙන් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අුද (18දා) උදෑසන බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
හිටපු ජනාධිපතිවරයා ඊයේ බරපතල වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිණි සේවයේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනය සඳහාය.
මේ පිළිබඳව සිදුකරන විමර්ශනයේ අවසන් වටයේ සාක්ෂි කැඳවීම ඊයේ ආරම්භ වූ අතර එය දින 04 ක් පුරා පැවැත්වීමට නියමිතය.
අදාළ සිදුවීම පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයෙන් අනතුරුව කොමිසමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් ඉන් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකරන බවත් බරපතල වංචා විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කළේය.