“මම පරාජය වුණේ නැහැ. පරාජය කළා. අපිත් එක්ක එකට ඉන්න කණ්ඩායමක් තමයි එහෙම කළේ. යු. ඇම්. පී.යටත් වඩා මට අභියෝගයක් වෙලා තිබුණේ ඔවුන්ගෙන්” යැයි හිටපු නියෝජ්‍ය අරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක මහතා ඊයේ (24දා) නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීය.
“අපේ කණ්ඩායම මහින්ද පිල මෛත්‍රී පිල කියලා ඔවුන් දෙකට බෙදුනා. ඔවුන් එය ගම් මට්ටමට බිම් මට්ටමට අරන් ගියා.
මම යහපාලන ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තේ එජාපයට සහයෝගයක් වශයෙන් යැයි ඔවුන් ජනතාව අතර මතයක් ගොඩ නැගුවා. ඒ එක්කම සමහර අංකවලට විතරක් මනාප දෙන්න කියලා රැස්වීම් වලදී කීවා.
කෑගල්ලේ ප්‍රසිද්ධ රැස්වීමේ පක්ෂයේ නායක මහින්ද මහත්තයා නම් වශයෙන් කීවා අහවල් අයට මනාප දෙන්න කියලා. එයත් අපේ පරාජයට බලපෑවා.
මම එදත් අදත් හෙටත් ශ්රිපලනිපය සමග ඉන්නවා. මම පක්ෂය දාලා ගියේ නෑ. යන්නෙත් නෑ.
පහුගිය කාලය තුළ මම පක්ෂයට කැළැලක් කරලා නෑ. වැරදි වැඩ කරලා නෑ. හොරකම් දුෂණ වංචා කලා කියලා චෝදනා නෑ. ඉදිරියටත් දේශපාලනයේ ඉන්නවා”
සමන් විජය බණ්ඩාර