ශ්‍රී ලංකා නිදහස් පකෂයේ තනතුරු ලබාදීමේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන තමාව නොසලකා හැරීමෙන් බරපතල අසාධාරණයක් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා සඳහන් කළේය.
මධ්‍යම කාරක සභාවේ නිත්‍ය සාමාජිකයෙක්වන තමාට අනිවාර්යයෙන්ම තනතුරුක් හිමිවිය යුතු තමන්ට කිසිඳු තනතුරක් නොලැබීමට හේතුව කිසිවෙකුත් වන්දනාමාන නොකිරීම බවත් හෙතෙම සඳහන් කළේය.
දේශපාලන පළපුරුද්දෙන් අඩු මෙන්ම කණිෂ්ඨ දේශපාලඥයින්ට පක්ෂයේ තනතුරු පිරිනමා තිබීයදීත් තමන්ට තනතුරක් නොදීම බලපතල අසාධාරණයක් බව හෙතෙම වැඩි දුරටත් පැවැසීය.