ළමයින්ගෙන් පළිගැනීම වැරදි බවත් තමාව රිමාන්ඩ් කළානම් හෙඳ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය දෙවැනි පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍ය වේදීන් අමතිමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව අද (31දා) පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනනපතිවරයා,
“මම සැකරුවන් පස්දෙනාම බලන්න ගියා. ඔවුන්ට කතා කරලා ආවා. දේශපාලඥයින්ගෙන් මේ දේවල් කරගත්තට කමක් නෑ. ළමයින්ගෙන් පලිගැනිම තමයි වරද මාව අල්ලාලා කූඩු කළානම් බොහොම හොඳයි මේකට.
මෙතන දොස්තර මහත්තයෙක් ඉන්නවා. ඔහු කොටස් කරුවෙක්. ඔහුට කියලා තියෙන්නේ යෝෂිතගේ නම කියන්න අපි එතකොට තමුන්නාන්සේ එළියට දාන්නම් කියලා. නැත්නම් හිරේ යවනවා කියලා. 9 දා 10 දා ඔහු එම්.බී.ඒ. විභාගයට සූදානම් වෙනවා. දැන් බලන්න ඒ ළමයට තියෙන අසහනය.
තව මනුස්සයෙක් අත් කැඩිලා කකුල් කැඩිලා එක්කරගෙන ආවේ. මේ අය රෝහලේ නෙමෙයි. තුවාල වෙච්ච කෙනා විතරයි රොහලට දාලා තියෙන්නේ. මේක තමයි සත්‍ය කතාව." යැයි පැවැසීය.