තමා ඇමති ධුරයෙන් එළවන්නට අවශ්‍ය යැයි ලිපි ලියූ අයගේ දරුවන්ටද පත්වීම් ලබාදුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (29දා) පැවසීය.
දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සහායකයන් 380 කට පත්වීම් ප්රදානය කිරීම සඳහා මරදාන ටවර්හෝල් රඟහලේදී අද පෙරවරුවේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කීය.
පසුගිය කාලයේදී තමා එළවන්නට උත්සාහ කළ වෘත්තීය සමිති නායකයන්ගේ දරුවන් පිරිසක්ද මෙම පත්වීම් ලාභීන් අතර සිටින බව කී ඇමතිවරයා, කිසිම අවස්ථාවකදී වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි කටයුතු නොකරන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මේ දක්වා දේශපාලන හිතවත්කම් මත තමා කිසිදු පත්වීමක් ලබාදී නොමැති බවත් පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ



