ආරම්භවීමට නියමිත ඉන්දියානු ප්රිමියර් ලීග තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග හට සිය ස්ථානය අහිමිවීමේ අවදානමක් පවතින බව ඉන්දියානු වාර්තා පෙන්වා දෙයි.
ඉන්දියානු ප්රිමියර් ලීග තරගාවලියේ නවනීති රීති අනුව ක්රීඩකයන් පස්දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නොහැකි අතර, කිරන් පොලාඩ්ගේ ස්ථානය දැනටමත් තහවුරු වී ඇත. ලසිත් මාලිංග හා මිචෙල් ජොන්සන් ඔවුන්ගේ අනෙක් තේරීම වන අතර, මොවුන් දෙදෙනා අතරින් මිචෙල් ජොන්සන් පසුගිය කාලය පුරාම දක්ෂතා අතර පසුවිය. එහෙයින් මුම්බායි කණ්ඩායම මාලිංගට වඩා ජොන්සන්ට වැඩි අවස්ථාවක් ලබාදෙනු ඇති බව ඉන්දියානු වාර්තා පෙන්වා දෙයි. නව නීති අනුව විදෙස් ක්රීඩකයන් දෙදෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් නොකළ හැකිය.