ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නැවත වරක් ලසිත් මාලිංගට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇත.
ඒ අනුව මාලිංග එළඹෙන 04 වැනිදා හොබාට් හරිකෙන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇත.ඔහු බිග්බෑෂ් තරගාවලියේදී මෙල්බර්න් කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබයි.
මීට ඉහතදී මාලිංග බිග්බෑෂ් තරගාවලිය හා සම්බන්ධ වී සිටියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු නැවතත් මෙරටට කැඳවනු ලැබීය.
නමුත් මාලිංගගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත්, මෙල්බර්න් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලීමෙනුත් අනුව ඔහුව නැවත වරක් බිග්බෑෂ් තරගාවලියට නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇත.