මෙරට තුළ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට කෘෂි වෛද්‍ය පිඨයටවත් ඇතුළත් කරගැනීමට සුදුසුකම් නොමැති පිරිස් බඳවාගෙන සිටින බවත්, මේ නිසා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර දැමිය යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ ආකාරයට අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිස් වෛද්‍යවරුන් ලෙස කටයුතු කළහොත් එය රටේ ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ ගැටලුවක් බවත්, වෛද්‍ය වෘත්තීය යනු තාත්තාගෙන් පුතාට යන රැකියාවක් නොවන බවද එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ මහතා සඳහන් කළේය.
සමහර දෙමාපියන් තමන්ට නොලැබෙන සමාජ පිළිගැනීම ලබාගැනීම සඳහා තමන් සතුව තිබෙන මුදල් බලය උපයෝගී කරගෙන තම දරුවන්ට දොස්තර නාමය ලබාදී තමා දොස්තර කෙනෙකුගේ දෙමාපියන් බවට සමාජ තත්ත්වයක් උදාකර ගැනීමට උත්සාහ කරන බවද පවසා සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.