අමාත්‍යාංශ දෙකක් පළිගැනීමකට ලක්කර තිබෙනා මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව ඇතැම් පිරිස් සිදුකරන අරගල නිසා එම ආයතනයේ ඉගෙනුම ලබනා දරුදැරියන්ගේ මානසික මට්ටම පහත වැටී ඇති බව දෙමාපිය සන්සදය සඳහන් කරයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රේෂ්ඨාධිකරණ හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයත්, මෙම ආයතනය පිළිගැනීමකට ලක්කර තිබෙන බවත්, මේ නිසා සිදුකරන බාධා කිරීම් නවතා දැමීම මෙම ආයතනය දෙක සතු බවද එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.
මෙම ගැටලුවට දෙසතියක් තුළ විසඳුමක් නොලැබුණහොත් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී සියලුදෙනාම එක්ව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද සඳහන් කළේය.