මාලදිවයිනේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත. ඒ අනුව එරට නීතියේ ආධිපත්‍ය රකින ලෙසත් ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මාලදිවයිනේ අදාළ අංශ වෙත පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන කරන්නේ මාලදිවයිනේ ඇතිව තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ අවධානයට භාජනය වී ඇති බවත් වර්තමාන තත්ත්වයට සාමකාමී විසඳුමක් සොයා ගන්නා ලෙසත්ය.
මාලදිවයින් අධිකරණය දුන් තීන්දුව අනුව සිරගත කර ඇති විපක්ෂ දේශපාලකයින් නිදහස් කරන ලෙස රජයට බලකරමින් දහස් සංඛ්‍යාත මාලදිවයින් වැසියන් මාර්ගයන්ට බැස විරෝධතාවයේ නිරත වෙති.