ශ්රී ලංකාව සහ මාලදිවයින් රජය අතර සුහදතාවය වර්ධනය කරමින් මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ "හුරාවී" නෞකාව (Maldives Coast Guard Ship "Huravee") කොළඹ වරායට පැමිණ තිබේ. නාවික සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද බවත් මෙරට සංචාරයෙන් අනතුරුව හෙට(28) දින ශ්රී ලංකාවෙන් පිටත්වීමට නියමිත බවත් නාවික හමුදා මුලස්ථානය සඳහන් කරයි.
එමෙන්ම මහජන චීන නාවික හමුදාවට අයත් 865 නෞකාව (Chinese PLA Naval Ship "865) ද ඊයේ(26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි බවත් එයද හෙට(28) දින දිවයිනෙන් බැහැරව යෑමට නියමිත බවත් නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.