මාලදිවයින් රජයේ ඉල්ලීම පරිදි එරට ගුරුවරුන්ට මෙරටදී ගුරුපුහුණුව ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09දා) ප්‍රකාශ කළේය.
මේ සඳහා මෙරට අධ්‍යාපන නිලධාරීන් සමග මාලදිවයින වෙත පිටත්ව යෑමට අද සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අධ්‍යාපන වැඩසටහන හරහා දෙරට අතර නව දැනුම හුවමාරුවීමක් මෙන්ම මෙරටට විදේශ විනිමය ගලාඒමක්ද සිදුවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
හෙතෙම මේබව සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාත්මක ගුරු මධ්‍යස්ථාන 109ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ 39 වැනි ගුරු මධ්‍යස්ථානය වන ජයවර්ධනපුර කලාපීය නව ගුරු මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ අවස්ථාවට විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර බස්නාහිර පළාත් අධ්‍යාපන අතිරේක අධ්යක්ෂ ජී.එන්. සිල්වා, ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලී ඒකනායක, ගුරු අධ්‍යාපන පරිපාලන අධ්යක්ෂ එම්.එෆ්.එන්. හරිජා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.