මාලදිවයිනේ හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමග එරට ඇතිවී තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව ශ්රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් රජය පවසන්නේ අසල්වැසි රටක් වශයෙන් මාලදිවයිනේ පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන බවයි.
එසේම මාලදිවයිනේ නීතිමය තත්ත්වයන් අනුව එරට තුළ සාමය ස්ථාපිත කිරීමට අදාළ පාර්ශ්ව කටයුතු කරනු ඇතැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.