පාර්ලිමේන්තුමන්ත්රීවරුන් ජනතාසේවය සිදුකළ යුත්තේ කෙසේද යන්න මාර්තු 12 වැනිදා කෙටුම්පතක්ප්රසිද්ධියට පත් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
දේශපාලන පක්ෂ අපේක්ෂකයන් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක අඩංගු කෙටුම්පතක් 2015 වසරේ මාර්තු 12 වැනිදා එළිදැක්වූ බවත්, එම කෙටුම්පතට අනුව කටයුතු කරන බවට සියලුම දේශපාලන පක්ෂ කෙටුම්පතට අත්සන් තබා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ බවත් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
කරුණු 05කින් සමන්විත මෙම කෙටුම්පතට අනුව වැඩ කටයුතු කරන බවට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් ලබාදෙන බවත්, එය පළමු අදියරේදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගන්නා බවත් ඔහු පවසා සිටියේය.
මෙම අත්සන් ලබාගැනීමට සමගාමීව වෙබ් අඩවියක් විවෘත කිරීමක් මාර්තු 12 වැනිදා සිදුකරන බවත්, මෙම කෙටුම්පතට අනුව වැඩ කරන මන්ත්‍රීවරුන් පිළිබඳව වෙබ්අඩවිය හරහා ප්‍රසිද්ධියක් ලබාදෙන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.