ගොඩබිම් මාර්ගය මෙන්ම ගුවනේද ගමන් කළ හැකි වන අයුරින් නිර්මාණය කර ඇති පළමු මෝටර් රථය 2018 වසරේදී එංගලන්තයේදී එළිදැක්වීමට නියමිතය. නෙදර්ලන්ත සමාගමක් වන Pal – V නම් සමාගමක් මෙම මෝටර් රථය නිපදවා තිබේ. ලිබර්ටි (Liberty) නමින් හඳුන්වා ඇති මෙම මෝටර් රථය හෙලිකොප්ටරයක් මෙන් නිපදවා තිබේ.
එයට ගුවනේදී පැයට සැතපුම් 110ක වේගයකින් ගමන් කළ හැකි අතර, මාර්ගයේදී පැයට සැතපුම් 100ක වේගයකින් ගමන් කිරීමේ හැකියාව තිබේ. මාර්ගයක සිට ගුවන් ගුවන් ගතවීම සඳහා මෝටර් රථයට ගත වන කාලය විනාඩි 10ක් පමණ වන බව සඳහන් කරයි.
මෝටර් රථයේ ඉන්ධන ටැංකිය පූර්ණ වශයෙන් පිරවීමෙන් පසුව එයට සැතපුම් 310ක දුරක් ගමන් කිරිමට හැකියාව තිබේ. එම මෝටර් රථයක මිල ඩොලර් ලක්ෂ 4 – 6 ක අගයක් ගනු ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
රථ වාහන තදබදයකදී, විලක් තරණය කිරීමට, ගංවතුර තත්ත්වයකදී වැනි විවිධ කාර්යයන් හිදී මෙයින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත හැකි බව මෝටර් රථය නිෂ්පාදනය කරන සමාගම සඳහන් කරයි.