මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ඇති මාර්ගය සාමාන්‍ය ජනතාවගේ ගමන් පහසුවට විවෘත කරන ලෙස මල්වතු මහ නාහිමියෝ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා හමුවී ප්‍රකාශ කර තිබේ.
බුදුන් ජීවමානව සිටියදී පවා එලෙස මහජන සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ බවද උන්වහන්සේ මෙහිදී පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් ඊයේ (22 දා) අස්ගිරි මහනාහිමියෝ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම මාර්ගය විවෘත නොකරන ලෙසය.