කන්තලේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙකු හා ඔවුන්ගේ හිතවතුනේ දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔවුන් ගමන් කළ මෝටර් රථයට ඉඩ ලබානොදුන් බව කියන ත්රීවීල් රථයකට ගමන් කළ පිරිසකට පහරදීම හේතුවෙනි.මෝටර් රථය පටු මාර්ගයක ගමන් කරමින් තිබෙන විට ඉදිරියෙන් පැමිණි ත්රීවිල් රථයක සිටි පිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබේ.
මාර්ගයේ ඉඩ ලබා ලබානොදීම හේතුවෙන් දෙපිරිස අතර ගැටුම ඇතිව තිබෙන අතර තුවාල ලැබූවන් කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ. පසුව ත්රි රෝද රථයේ පැමිණි පුද්ගලයෙකු පහරදීමනක් පිළිබඳව කළ පැමිණිල්ලක් අනුව පොලිස් සැරයන්වරු දෙදෙනා හා ඔවුන්ගේ හිතවතුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.