විනයගරුක රියදුරන් බිහි කිරීමේ අරමුණින් (23දා) උදෑසන සිට කොළඹ නගරය තුළ සිදු කරන විශේෂ රථවාහන සැලැස්ම යටතේ බරපතළ ලෙස මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 40කට නඩු පවරා තිබෙන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සඳහන් කරයි.
මීට අමතරව දඩ පත්රිකා නිකුත් කිරීම හා අවවාද කිරීම් රාශියක් සිදු කර තිබෙන බවද එම කොට්ඨාසය පෙන්වා දෙයි.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව ඊයේ (23දා) සිට දින 07 ක කාලයක් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්රියාත්මක කරනු ලබයි.