චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හෙට (16දා) පෙරවරුවේ දිවයිනට පැමිණෙන අතර ඒ හේතුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමාවිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව,
-
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය,
-
පෑලියගොඩ කැලණි පාලමේ සිට කනත්ත වටරවුම දක්වා බේස්ලයින් පාර,
-
කනත්ත වටරවුමේ සිට බම්බලපිටිය හන්දිය දක්වා බෞද්ධාලෝක මාවත,
-
බම්බලපිටිය හන්දියේ සිට ගෝල්ෆේස් වටරවුම දක්වා ගාලු පාර
යන මාර්ගවල පෙරවරු 10.30 සිට පස්වරු 1.00 දක්වා වාහන ගමනාගමනය සීමාවනු ඇත.
එසේම කන්ටේනර් රථ සඳහා ඉහත මාර්ග පෙරවරු 9.00 සිට සීමාවනු ඇති බව පොලීසිය සඳහන් කරයි.
ප.ව. 4.30 සිට රාත්රී 9.00 දක්වා
-
කොල්ලුපිටිය හන්දියේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා ගාලුපාර,
-
පරණ පාර්ලිමේන්තු වටවුමේ සිට සෙරමික් හන්දිය දක්වා ලෝටස් පාර,
-
බැංකු මාවත,
යන මාර්ගවල වාහන ගමනාගමනය සීමාවනු ඇත.
පස්වරු 4.00 සිට රාති්ර 8.00 දක්වා ගෝල්ෆේස් පිටියට මහජනතාවට ඇතුළුවීමටද සීමා පැනවෙනු ඇත.