මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ලිපියක් යොමුකර ඇත.
වර්තමානය වනවිට රිය අනතුරුවලින් විශාල පිරිසක් දෛනිකව මියයන අතර 1998 අංක 5 දරන මොටර් වාහන සංශෝධන පනත හඳුන්වා දීමේ අරමුණු සාක්ෂාත් කරගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කළේ නම් එම අනතුරු යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගැනීමට හැකියාව තිබූ බව එම ලිපිය මගින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙයි.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වර්තමාන සභාපතිවරයා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ විෂය පථයට නොගැනෙන කාර්යයන් ඉටු කරමින් සිටින හෙයින් ඔහුව මෙසේ තනතුරින් ඉවත් කරන ලෙස ඒ ලිපිය මගින් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.