ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ මාදුරුඔය ජලාශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ජලාශයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවන බවට ලද තොරතුරු අනුව විෂයභාර අමාත්‍යවරයා ලෙස හදිස්සියේම මෙලෙස මාදුරු ඔය ජලාශය වෙත පැමිණ ජනාධිපතිවරයා එහි කටයුතු පිළිබද සොයා බැලූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මාදුරු ඔය පැරණි වේල්ල මෙන්ම සොරොව්වද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මෙමම අවස්ථාවට එක්ව සිටි බවද ජනපතා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.