ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ ලයනල් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස ලයනල් ප්‍රනාන්දු මහතා පත්කරනු ලැබුවේ පසුගිය සතියේදීය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගිනි. තම පෞද්ගලික හේතූන් මත මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වන බව හෙතෙම පැවසීය.