මානව හිමිකම් කොමිසම බෙදිලා- ඇමති මහින්ද
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ගෙනආ යෝජනාවලිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ බෙදීමක් ඇතිව තිබෙන බව එහි 25 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවැසූ බව ‘හින්දු පුවත්’ සේවය වාර්තා කරයි.
එසේම එම යෝජනාවලිය සඳහා පක්ෂව ඡන්දය ලබා ගැනීම සඳහා ඇමෙරිකාව විසින් අනෙකුත් රටවල් වලට බලකරමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව බොහෝ රටවල් ප්‍රසාදයෙන් සිටින හෙයින් ඉහත ආකාරයේ බෙදීමක් මානව හිමකම් කොමිසමේ පවතින බවද අමාත්‍යවරයා පවසා තිබේ.
තවද ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වුවත් එය සාධාරණ අයුරින් සිදු නොවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ බව හින්දු පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

