එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සහාය නොදිය යුතු බවත්, එහිදී කුමන ප්‍රතිඵලයක් පැමිණියද ඊට රටක් ලෙස සියලු දෙනා මුහුණදිය යුතු බවත් ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා පැවසීය.
අද (02දා) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ සියලු රටවල් දුර්වල කොට තම පාලනයට ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය බවත්, ශ්‍රී ලංකාවේ නායකයා ජනතාව සමග සිටින තුරා ශ්‍රී ලංකාවට එය සිදුකළ නොහැකි බවත්ය.