රජයේ ආරාධනාවක් පරිදි මෙරටට පැමිණෙන ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා අද(06) උදැසන මෙරටට පැමිණීයේය. එමෙන්ම හෙතෙම සිවු දිනක් රැදීසිටිමට නියමිත බවද ජගත් මානව හිමිකම් කාර්යාලය සදහන් කරයි.
සිය නිළ සංචාරය යෙදෙන කාලසීමාවේදී හුසේන් මහතා ජනපති, අගමැති, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම රජයේ නිළධාරීන් හමුවීමට නියමිතය.
එමෙන්ම මහනුවර , තිකුණාමලය, යාපනය යන පෙදෙස්හි සංචාරයක නිරතවීමට මෙන්ම ආගමික නායකවරුන් , සිවිල් සමාජ සාමාජිකයන් සහ කොමිෂන් සභා සාමාජිනයෝද හමුවීමට නියමික බව මානව හිමිකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි