එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනතාව පලිහක් ලෙස යොදාගත්තා
හමුදා ප්‍රහාරවලින් දෙමළ ජනතාව මිය ගියා
- පරණගම වාර්තාව හෙළිකරයි
යුද්ධයට අදාළ මූලික පරීක්ෂණ පොලීසිය ඉටුකර නෑ
- උදලාගම වාර්තාව හෙළිකරයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාව පලිහක් ලෙස යොදාගත් බවත්, කුඩා ළමයින් බලහත්කාරයෙන් යුද්ධයට යොමුකළ බවත් පරණගම වාර්තාවේ දැක්වේ.
තවද හමුදා ප්‍රහාරවලින් දෙමළ ජනතාව මියගිය බවත්, එසේ සිදුවූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාව ගැවසෙන ප්‍ර‘දේශ තුළ බර අවි ස්ථානගත කර තිබූ බැවින් බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.
පරණගම වාර්තාව මගින් දරුස්මාන් වාර්තාව නිෂ්ප්‍රභ කර සිටින අතර, කරුණු නිවැරදිව වටහා නොගනිමින් එය සකසා ඇති බව වාර්තාවේ සඳහන්ය.
තවද සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කරන ලෙසද පරණගම වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (20දා) පරණගම වාර්තාව සහ උදලාගම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
උදලාගම කොමිෂන් වාර්තාව සඳහන් කරන්නේ යුද්ධයට අදාළ මූලික පරීක්ෂණ පොලීසිය නිවැරදිව ඉටුකර නොමැති බවයි. එමෙන්ම තවත් සිදුවීම් 17 ක් පිළිබඳව උදාලගම කොමිෂන් සභාව මගින් විමර්ශන සිදුකරමින් පැවති බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.
යුද අපරාධ පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව සහ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය යාන්ත්‍රණ පිළිබඳ කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (22දා) පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන සියලු වාර්තා මේ වනවිට රජය විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ. මේ පිළිබඳව අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසිනි.
පාර්ලිමේන්තුවහෙට (22දා) උදෑසන 9.30 ට රැස්වීමට නියමිතය.