එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව පරාජය කළයුතු බවත්, එය පරාජය කළහැකි බවත් ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවට හා ස්වාධීනත්වයට එරෙහිව ඉදිරිපත් වූ බරපතළම තර්ජනය මෙම යෝජනාව හරහා පැමිණ ඇති බවත්, අයිසින් තවරා තිත්ත කසාය බීමට දීමක් වැනි මෙම යෝජනාව සාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම විදේශ මැදිහත්වීමක් සිදුවන බවත් අමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
හෙතෙම මේ බව පැවසුවේ, කොළඹදී අද (07දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.