මේ වසරේ සැප්තැම්බරයේ පැවැත්වෙන් මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයට ප්‍රථමව වගවීම හා ප්‍රතිසංධානය පිළිබඳව ශ්‍රී ලංකාව යාන්ත්‍රණයක් ආරම්භ කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බලාපොරොත්තුවෙන් පසුවෙනවා.
සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳව හා මානව හිමිකම් කඩවීම් පිළිබඳව සකස් කළ වාර්තාවද එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සඳහන් කරන්නේ අදාළ යාන්ත්‍රණයේ විනිවිද භාවයක්ද තිබිය යුතු බවයි.
එසේම සම්මත කරනු ලැබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බවත් ඔහු පැවැසුවා.