මානව හිමකම් කොමසාරිස් කාර්යාලයක් ලංකාවට අවශ්‍යයිලු
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ගන්නා තීරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පෞද්ගලික හෝටලයක පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රී වරයා විසින්ය.
මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සියළුම දෙනා සහභාගි වී සිටියහ.
2015 වසරේදී ශ්‍රී ලංකාවේ එකඟතාවය සමගින් සම්මත කරගත් යෝජනා වෙනස් නොකර ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු යැයිද ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

