“මේ දිනවල මානව සම්පත අක්‍රීයයි. එහෙත් වර්ෂාව, සුළග වැනි කාලගුණික සාධක සක්‍රීයයි. ඒ නිසා, ඒ පිළිබදව සොයා බලා කටයුතු කිරීම අනිවාර්ය වෙනවා.” යැයි වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
පවතින වැසි බරිත කාලගුණික තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (13දා) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් සමග පවතින තත්වයන් පිළිබදව විශේෂ සාකච්ඡාවක නිරත විය.
එමෙන්ම උත්සව සමයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදවත් අමාත්‍යවරයා මෙහිදී අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.