සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ උපාධි ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පැවැති අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු යැයි කියාගත් පුද්ගලයෙකු එහිදී මාධ්‍යවේදීන්ට දිගින් දිගටම බාධා එල්ල කළේය.
කොමාන්ඩෝ එකේ වැඩවලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බ. අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ" යැයි පවසමින් හෙතෙම බාධා කරන්නට විය.
ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා වෙන්කර තිබූ ස්ථානයේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන්, වීඩියෝ ශිල්පීන් සිටි පසුපසට යා යුතු බව පවසමින් ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු යැයි හැඳින්වූ මෙම පුද්ගලයා දිගටම බාධා එල්ල කළේය.
එහිදී ඔහු පැවසූයේ මෙවැන්නකි
නිලධරියා - පිටි පස්සට යන්න. මෙතන මාධ්‍යවේදින්ට ඉන්න බෑ.
මාධ්‍යවේදියෙක් - මට විනාඩියක් දෙන්න මම පැමිණ සිටින පිරිසගේ පින්තූරයක් අරගෙන පස්සට යන්නම්.
නිලධරියා - එහෙම කොමාන්ඩෝ එකේ වැඩවලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ. අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ.
මාධ්‍යවේදියා - හරි. මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් අරගෙන ඉක්මනට යන්නම්. මම මෙතැන ඉඳලා ෆොටෝ එක ගත්තොත් ඇවිත් ඉන්න අයගේ පිට පස්සනේ ෆොටෝ එකට වදින්නේ.
නිලධාරියා - (දඹර ඇගිල්ල දිගු කරමින්) මට ඒවා අදාළ නෑ. අපි කියන විදියටයි වැඩ කරන්න ඕනේ. ෆොටෝ ගන්න දෙන්න බෑ. යන්න පස්සට.
මේ අයුරින් ඡායාරූප මාධ්‍යවේදියාට තර්ජනය කරමින් ජනාධිපතිතුමන් සහභාගීවූ උත්සවය ආවරණය කිරීමට ඉඩ ලබා නොදී එම නිලධාරීයා විසින් මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.