මාධ්‍යවේදීන් සඳහා අවම වැටුපක් ස්ථාපිත කිරීමට අදාළව අනපතන් සම්මත කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අද (28දා) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම පනත් ගෙන ඒමේදී ඉන්දියාවේ උදාහරණ පිළිබඳව අවධානය යොමු කරන බවත් ඔහු පැවැසීය.
ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවැසීය. අමාත්‍යාංශයේ සේවා කිරීමේදි තමා හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා බයිසිකලයක රෝද මෙන් එක්ව වැඩ කරන බවත් ඔහු පැවැසීය.