මාධ්‍යවේදීන්ව දඬුකඳේ ගැසීමට අවශ්‍ය නොවන බව ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජාතික පුවත්පතකට එරෙහිව පැමිණිලි කිරීමට අද (09) පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.
අදාළ පුවත්පත එක් කාලයකදී ඉතා හොඳ තත්වයක තිබුණු නමුදු රාජපක්ෂ කල්ලියට යට වීම හෙතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද හෙතෙම මෙහීදී පැවසීය.
එමෙන්ම ජවිපෙ කිසිවිටක මාධ්‍ය සමග අමනාප නොමැති බවත්, මාධ්‍යවේදීන්ව දඬුකඳේ ගැසීමට අවශ්‍ය නොවන බවත් පැවසු ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ පුවත්පතේ සිටින රාජපක්ෂ කල්ලියට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකළ බවයි.