මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙන යතුරුපැදි මාර්තු මාසයේදී ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
යතුරුපැදි ලැබීමට සුදුසුකම් ලැබූවන් සඳහා මේවනවිටත් ලිපි යවා ඇති බවත්, එහි සඳහන් ආකාරයට ඉක්මනින් කටයුතු කළහොත් ඉතා ඉක්මනින් මාධ්‍යවේදීන්ට යතුරුපැදි ලබාදිය හැකි බවත් අම්යවරයා කීය.
මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් හැකිතරම් උපකාර කිරීමට අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන බවත්, මාධ්‍යවේදීන් වෙනුවෙන් දියගම ඉදිවන නිවාස සංකිර්ණයේ මූලික කටයුතු අවසන් කර ඉදිකිරීම් ඉතාම ඉක්මනින් ආරම්භකරන බවත් අමාත්‍යවරයා කීය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන්ද දිස්ත්‍රික්ක 25 ක නිවාස ගම්මාන 25 ක් ඇතිකරන බවත්, මාධ්‍යවේදීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම එළඹෙනමාසය තුළ සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (29දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඡායා - ඉසුරු පෙරේරා