ජනතාවට දැනගැනීමට අයිතිය තහවුරු කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටියදී ඝාතනයට හා හිංසනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකර හෙට (21දා) අධිෂ්ඨානශීලී පහන් පූජාවක් පැවැත්වීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සැලසුම් කර තිබේ.
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසලදී හෙට සවස 5.30 ට ජනමාධ්‍ය නිදහස අගයා පුරවැසියන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම පූජාව පැවැත්වෙන බවද එම ව්‍යාපාරය සඳහන් කරයි.