මාධ්‍යවේදීන් සිය පෑන භාවිත කළ යුත්තේ විනිසුරුවරුන් ලෙසයි
මාධ්‍යවේදීන් සිය පෑන භාවිත කළ යුත්තේ විනිසුරුවරුන් ලෙස බවත් ඔවුන්ට පෑන මෙහෙයවා විශාල වගකීමක් ඉටු කළ හැකි අතර ප්‍රබල වගකීමක් දෑතේ රැදී තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර ‘කරුණු‘ මත සත්‍යය තොරතුරු සොයා සමාජ ප්රගමනයට කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පන මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මාධ්‍ය කලාව යන දිශාව වෙනස් කර රටට අවශ්‍ය තොරතුරු සංඛ්‍යා ලේඛන ඵලදායී ලෙස ජනතාවට ප්රක්ෂේපණය කිරීමේ පරම වගකීම ජනමාධ්‍යවේදීන් සතුව පවතින බව වජිර නාරම්පන මහතා ප්‍රකාශ කළේය.
රටක සංවර්ධනයට, රටේ යහපාලනයට සහ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට සංඛ්‍යා ලේඛන කෙතරම් දුරට ඉවහල් වෙනවාද යන කාරණය ඉතා වැදගත් බව ද සංවර්ධනයත් ජන ජීවිතය නඟා සිටුවීමත් දේශපාලන ස්ථාවරත්වයටත් යහපාලනය ස්ථාපනය කිරීමත් සඳහා වූ ක්‍රියාවලියේ දී සංඛ්‍යා ලේඛන කෙතරම් දුරට වැදගත් වෙනවාද යන හේතුවෙන් ජනතාවට තොරතුරු ලබා දීමේ ක්‍රියාවලියේ දී ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව අද මේ කරන සාකච්ඡාව ඉතා වැදගත් බවත් ඒ මහතා පැවසීය.
ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ලේකම් වජිර නාරම්පන මහතා ඊයේ (16) මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
