සිරස ආයතනයේ මාධ්‍යවේදි කපිල චන්දන කුරුප්පු මහතාට පහරදී තුවාල කිරිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට අමිල චන්දන නොහොත් කිරි ආරිගේ පුතා එළැඹෙන 1 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.
පසුගිය 22දා සවස 6.30 ට පමණ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් පිරිසකට කළ පහරදීම අතරතුරදී චන්දන කුරුප්පු මහතාද තුවාල ලැබීය.