මාධ්‍යවේදියාට පහර දෙයි
දැනට අත්හිටුවා ඇති නෙළුව ආඳාදොළ සුළු පරිමාණ විදුලි බලාගාරය පිළිබඳව ගම්වාසින් දැනුම්වත් කිරීමට දෙල්ලව ප්‍රදේශයේ අද (12දා) පැවති රැස්වීමක් වාර්තා කිරීමට ගිය සත්හඩ පුවත්පතේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතාට ගම්වාසින් දෙදෙනක් පහරදුන් බවට නෙළුව පොලිසියට පැමිණිලි කර තිබේ.
පහරකෑමට ලක්වූ නෙත්තසිංහ මහතා නෙළුව ග්‍රාමිය රෝහලට ඇතුළත් කර ඇති අතර ආඳාදොළ සුරැකීමේ සංවිධානයේ සභාපති ජගත් සිරිනිමල් මහතා කියා සිටියේ විදුලි බලාගාරය ඉදිකරන සමාගම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙක් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
ව්‍යාපෘතිය පිළිබඳව ගම්වාසින් දනුම්වත් කිරිම සඳහා නෙළුව ප්‍රාදේශීය ලේකම් ජානක ගුරුසිංහ මහතා මෙම රැස්වීම කැඳවා තිබුණි.
රැස්විම අතරතුරදී පහරදීම සිදුවී ඇති අතර මිට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනිමාට කටයුතු කරන බව නෙළුව පොලිස් ස්ථානාධිපති පො.ප, බුද්ධික පනාවල මහතා පැවසිය.
(රවීන්ද්‍ර ශ්‍රීලාල් ,තවලමරංජිත් කෝරළේ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

