මෙක්සිකෝවේ ප්‍රාදේශීය පුවත්පතක් (Norte de Ciudad Juarez) සිය පුවත්පතේ මාධ්‍ය වේදිනියක ලෙස කටයුතු කළ මිරෝස්ලවා බ්රේරේච් පසුගිය මාර්තු මාසයේදී වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් සිය මුද්‍රණ කටයුතු නවත්වා දැමීමට තීරණය කර තිබේ.
මාධ්‍යවේදීන්ට එරෙහිව පවතින ප්රචණ්ඩත්වය හා ඒ සඳහා වගකිව යුත්තන් හට නීතියෙන් දඬුවම් නොලැබීම හේතුවෙන් සිය මුද්‍රණ කටයුතු අවසන් කරන බව පුවත්පතේ කර්තෘ එහි ඉරිදා මුද්‍රණයෙන් පවසා ඇත.
එමෙන්ම තම පුවත්පතේ අන්තර්ජාල ප්රකාශනයද ඉතාමත් ඉක්මනින් අවසන් කරන බව ඔහු පවසා තිබේ. ඒ අනුව ඉරිදා මුද්‍රණය සිය පුවත්පතේ අවසන් මුද්‍රණය වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.