මාධ්‍යයෙන් තමන්ට අසාධාරණයක් වූ බවත් තවත් කිසවෙකුටත් එවැනි දෙයක් සිදුකිරීමට ඉඩ නොදෙන බවත් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා පැවැසීය.
ඊයේ (10දා) රාත්‍රියේ කොළඹ පැවැති ඉෆ්තාර් උත්සවයකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඔබතුමාලා අසාධාරණයක් මට කරලා තියෙනවා. ඒක ජනතාවට පේන්න තිබෙනවා. ඒ නිසා අනිත් අයට මම ඕක කරන්න ඉඩ දෙන්නේ නෑ. මාධ්‍යටත් සදාචාරයක් තියෙන්න ඕන නේද? තමාගේ ප්රශ්නය අල්ලපු ගෙදරින් අහලා වැඩක් නෑ නේද? යම් විනයක් අනුව සදාචාරයක් අනුව කතා කරන්න. මම දන්නේ නෑ ඒගොල්ලන්ගේ ඒවා.”