මැතිවරණයේදී විධිමත්ව ක්‍රියාත්මක වීම සඳහා ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ පමණක් නොව ඒ හා සම්බන්ධ නිසි ක්‍රම‘වේදයක්ද නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර සිටියේ, ජනමත විචාරණයකට හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වූ යෝජනාව පාර්ලිමේන්තුවට අද (22දා) ඉදිරිපත් කරමිනි.