මාධ්‍ය නිදහස ලබාදෙනවා යැයි පවසමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණු පුද්ගලයන් දැන් මාධ්‍යයට ප්‍රසිද්ධියේ තර්ජනය කරන බව පූජ්‍ය මැදගම ධම්මනන්ද හිමියෝ පැවසූහ.
‘ජාතිවාදය, ආගම්වාදය වපුරන්නට එපා’ යනුවෙන් ඔවුන් මාධ්‍ය වෙත තර්ජනය කරන බවද, එය යහපාලනයට අයත් නොවන බවද උන්වහන්සේ පැවසුවේ ‘රට බෙදන දහතුන එපා’ නම් ජාතික ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.