මන්ත්‍රීවරු 58 දෙනෙකුට වාහන ලබාගැනීම සඳහා අවශ්‍ය ගිවිසුමට අත්සන් නොකිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා කොන්දේ සෘජු බව ප්‍රදර්ශනය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ද නිමල් බෝපගේ මහතා ආදර්ශයට ගත යුතු බවයි.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ව්‍යාජ යූ.එන්.පී. විරෝධයක් මවාපාමින් වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින අවස්ථාවකදී ජනමාධ්‍ය ලේකම්වරයා සෘජුව තම ස්ථාවරයේ සිටීම සම්බන්ධව ඔහුට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රණාමය පුදකර සිටින බවත් අලහප්පෙරුම මහතා පවසා සිටියේය.