මාදුරුඔය ජාතික උද්‍යානයෙන් අක්කර 54250ක භූමි ප්‍රමාණයක් චීනයට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
දේශීය කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම සඳහා මෙම ඉඩම් චීනයට ලබාදීමට කටයුතු කර ඇති බවත්, අක්කර 43250ක් උක් වගාව සඳහාත් ඉතිරිය ගව පාලනය සඳහා වෙන්කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගවයින් මාදුරුඔය ජාතික උද්‍යානයට තණකොළ කැවීමටවත් ඇතුළු කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව අවසර නොදෙන බවත්, උද්‍යානයෙන් විශාල ප්‍රමාණයක් චීනයට ලබාදීමට එරෙහිව මුණිවත රකින්නේ රජය ඍජුවම මැදිවත්ව සිටින නිසා බවද ප්‍ර‘දේශවාසීහු චෝදනා කරති.
තොරතුරු දැනගැනීමේ පනත අනුව මෙම ව්‍යාපෘතිය පිළිබඳ කරුණු 172ක් ඇතුළත් කර ඒ සඳහා පිළිතුරු ලබාදෙන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද ඒ සඳහා ඔවුන් විසින් කරුණු 15ක් සඳහා පමණක් පිළිතුරු ලබාදුන් බවත්, ජනතාව මුලා කර රටේ ඇති ස්වාභාවික වනාන්තර විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු සඳහන් කරති.
මෙසේ වනාන්තර විනාශ කිරීමෙන් එහි ජීවත්වන සතා සිවුපාවා සඳහා ආහාර සහ වාසභූමි අහිමි වීමෙන් ඔවුන් ගම්මාන වෙත පැමිණ තම වගාවන් සේම ජීවිත හානි සිදුවිය හැකි බවත්, මීට එරෙහිව තමන් විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර එය මේ මස 27 දින කොළඹ අධිකරණයේදී විභාගයට ගැනිමට නියමිත අතර, මාදුරුඔය ජාතික උද්‍යානය විනාශ කිරීමට එරෙහිව එක්වන ලෙස සියලු පරිසරවේදීන්ගේන් සහ පරිසර සංවිධානවලින් ප්‍ර‘දේශවාසීහු ඉල්ලා සිටිති.