කෝට්ටේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය අද පස්වරුවෙහි කථානායක කරු ජයසූරිය මහතාගේ පරීක්ෂාවට ලක්විය. පසුගියදා මෙම මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් ඩෙංගු රෝගින් කිහිපදෙනෙකු වර්තා වීමෙත් සමගම ඩෙංගු වාහක කීටයන් එම නිවාස සංකීර්ණයේම ස්ථාන කිහිපයකින් සොයා ගත්බව අද පුවත්පතේ පළවිය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ඇතුළු නිලධාරින් කැටුව එම නිවාස සංකීර්ණය වෙත ගිය කථානායක වරයාගේ පරික්ෂාවේදී හෙලිදරව් වූයේ මන්ත්‍රීවරු ගණනාවක් තම නිවාස වසා දමා ගොස් ඇති අතර එම නිවාස ඇතුලත තිබෙන ජල බඳුන් සහ පැරණි ටයර් වල මදුරුවන් බෝ වී ඇති බවයි. මේ අනූව අදාල නිවාස භාවිතා කරන මන්ත්‍රී වරයන්ට ඒවා නිසි පරිදි පවත්වා යාමට නොහැකි නම් ඒ සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස කථානායක වරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ නිවසට ගොස් ඩෙංගු රෝගය වැළඳුනු එම පවුලේ සමාජිකයන්ගේ සුව දුක් විමසීමටද කරු ජයසූරිය මහතා කටයුතු කළේය.