රජයේ සහතික මිල යටතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මිලදීගැනීමට සැලසුම් කළ වී මෙට්‍රික්ටොන් 2500 ක ප්‍රමාණය ඉක්මවා වී අලෙවි මණ්ඩලය වී මිලදී ගෙන තිබේ.
මිලදී ගැනීමට බලාපොරොත්තු වූ වී මෙට්‍රික්ටොන් ප්‍රමාණය 2500 ක් වූ අතර, අද (03දා) වනවිට එම දිස්ත්‍රික්කය තුළින් වී මෙට්‍රික්ටොන් 2640.09 ක් මිලදීගෙන ඇත.
සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක 14 තුළින් වී මෙට්‍රික්ටොන් 47064.08 ක් මිලදීගෙන තිබෙන අතර, ඒ සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 304.87 මේ වනවිට වැය කර තිබේ.