මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 150 දෙනෙකු රැකියාවට නොපැමිණ, මාසික වැටුප ලබාදෙන දින කිහිපයේදී පමණක් රාජකාරියට පැමිණෙන බවත්, ඉන් වැඩිදෙනා දේශපාලන ලැයිස්තුකරුවෝ බවත් එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩබ්.කේ. මල්කාන්ති මැදිවක මහත්මිය ඊයේ දින (01දා) දින මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අනාවරණය කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලදී.
ඒ අනුව එම සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරන ලද අතර, එහි සාමාජිකයන් ලෙස නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පාලන) ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මිය, අධ්යක්ෂ (පාලන 4) චතුරිකා දිසානායක යන මහත්මීන් පත්කරන ලදී.