මනුෂ්‍ය ඝාතනයක් හා සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී දැනට සැඟව සිටින කඹුරු පිටියේ මදූෂ් (මදූෂ් ලක්ෂිත) මාතර අධිකරණයේ පෙනී සිටින ලෙස ලිඛිත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහුට පසුගිය 16 දා මාතර මහාධිකරණයේ පෙනී සිටින ලෙස මෙම ප්‍රකාශය මුලින් නිකුත් කළ අතර නැවතත් එය මාර්තු මස 27 දා දක්වා දීර්ඝ කර ඇත.
මෙම ප්රකාශනය ප්‍රසිද්ධ කිරීමේ දින සිට දින 30කට නොඅඩු කාලයකදී චූදිතයා නියමිත ස්ථානයක නියමිත කාලයකදී පෙනී සිටි යුතු වෙයි.
එසේ නොමැතිවුවහොත් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනෙත් 61 වැනි වගන්තිය අනුව චූදිතයාට අයත් චංචල හා නිශ්චල දේප තහනම් වන බව පොලසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.