මාතර දිස්ති‍්‍රකයේ සියලු පෙරපාසල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර කාන්චන විජේසේකර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (04දා) මාතරදී පැවති මාධ්‍ය සාකචිජාවකට එක්වෙමිනි.
එහිදී මාතර දිස්ති‍්‍රකයේ පැතිරී පවතින උණ රෝගී තත්ත්වය හේතුවෙන් මාතර දිස්ති‍්‍රක් පෙරපාසල් පදනමේ සභාපති සරත්ද සිල්වා මහතා විසින් දිස්ති‍්‍රකයේ සියලු පෙරපාසල් නියෝජිතවරියන් සමග සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.
මීට පෙර පසුගිය සතියේ දකුණු පළාත් සභාව විසින් සතියක කාලයක් දකුණු පාළාතේ පෙරපාසල් වසා තැබුණ නමුත් තවමත් උණ රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණයට එළෙඹි බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
‘‘ මාතර දිස්ති‍්‍රකයේ පෙරපාසල් 762ක් වසා තබන්නට කටයුතු කරනු ඇති. විශේෂයෙන් ගුරුවරු තමන් ගැන නොහිතා මෙවැනි තීන්දුවක් ගැනීම අප අගය කළ යුතුයි . අප දකිනවා රජයේ බලධාරින් වගේම දිස්ති‍්‍රක් බලධාරීන් මේ වසංගත තත්ත්වය වසන් කරන තැනට කටයුතු කරනවා. අප කරාපිටිය රෝහලට කතා කරාම එහෙන් කියන්නෙ එන රෝගී දරුවන්ගෙන් වැඩි පිරිසක් මාතරින් එන රෝගීන් කියලා එතකොට අවදානමක් තියෙනවා. ඒ නිසා අප මෙම කි‍්‍රයාමාර්ගය ගත්තා ’’ යැයි පැවසීය.